ඔබ දෙදෙන එක්වී
කියවනවාද මගෙ කවි
වචන යට තියෙනවා
නො පැහැදිලි
දියණියකගේ කඳුළු
නො වියලි
ආදරය යැයි නම් දී
අනුරාගයෙන් මත් වී
කිලිටි වූ සයනයක
උඩුකුරුව ඇලවී
කියවන විටදි මෙ අකුරු
දෙ ඇස පුරවනවද කඳුළු
පෙරදා නොවූ තරමට
අලසව උකටලිව හොඳටම
දූ පොඩ්ඩ අරගෙන තුරුළට
තනිව ම සුසුම් ලමි මම
මධුසමය නිමවා
එන විට දි අප ගෙනා
මල් පෝච්චිය තවමත්
සුපුරුදු තැන ම තියා ඇත
ආවොත් කිසිත් නො දැන ම
යතුර තවමත් එහි ඇත
Thursday, September 22, 2016
හිත උනත් හැදෙනවා හෙමිහිට
මුළු ප්‍රේම කතාවම අපේ
බොලඳ නවකතාවක් වගේ
ලියූ දින පෙම් කවිය
අනාවැකියකි නුඹගේ
සසර සැරි සරන තෙක්
අපි අපේ
අපි අපේ
වෙන්වු දින අප - නුඹට රිසි සේ
මුදු කෙඳුරුමකි රහසේ
මියෙන්නට පෙර දින
කියන්නම් හැම රහසක් ම සිතුසේ
කාලයක් ගතවෙමින් යනකොට
හිත උනත් හැදෙනවා හෙමිහිට
පෙම් පුරානේ කැලැල් දකින කොට
හරි හිනා
නුඹත් පෙම් කළා කියන කොට
බොලඳ නවකතාවක් වගේ
ලියූ දින පෙම් කවිය
අනාවැකියකි නුඹගේ
සසර සැරි සරන තෙක්
අපි අපේ
අපි අපේ
වෙන්වු දින අප - නුඹට රිසි සේ
මුදු කෙඳුරුමකි රහසේ
මියෙන්නට පෙර දින
කියන්නම් හැම රහසක් ම සිතුසේ
කාලයක් ගතවෙමින් යනකොට
හිත උනත් හැදෙනවා හෙමිහිට
පෙම් පුරානේ කැලැල් දකින කොට
හරි හිනා
නුඹත් පෙම් කළා කියන කොට
සුබ නිමිති
ඉස්සර දවස්වල
දුටුව සුබ පෙර නිමිති ම
අදත් ඉඳහිට
දකිනවා ඒ ලෙසට ම
ඒත් කෝ සුබ ඵල
ඒ දවස් වල වගේ අත්වුන
සුබ ඵලය...
නුඹම, නුඹෙ හිත ම මිස
නිමිත්තක නොවන බව
දනිමි මම
හොඳ හැටි දනිමි මම
සෘතු
සියලු මල් බිම හෙලූ පසුවත්
ගස හිඳියි සොළවමින් තුරුපත්
සියලු තුරුපත් හැලුනු පසුවත්
වගේ වගකුත් නැතුව පසුවෙත්
සෘතුවෙන් සෘතුවට කොහොමත්
මුහුණ දෙන්නට ගසක් සවිමත්
බලන් ඉමු අපි එ ගස ආයෙත්
හස නගන'යුරු සමග කිරිදත්
ගස හිඳියි සොළවමින් තුරුපත්
සියලු තුරුපත් හැලුනු පසුවත්
වගේ වගකුත් නැතුව පසුවෙත්
සෘතුවෙන් සෘතුවට කොහොමත්
මුහුණ දෙන්නට ගසක් සවිමත්
බලන් ඉමු අපි එ ගස ආයෙත්
හස නගන'යුරු සමග කිරිදත්
යළිත් කිසිවක් නො සොයන්න
නසා ලූ ප්‍රේමයක
හැඩය සොයනුව කුමට
විදා ලූ පියාපත්
කවර දෙසකට යයි ද
නසා ලූ හදවතක
උණුසුමක් සොයනු කිම
ගසා ලූ පහර වැද
සදා සිසිලක මිදෙන
නසා ලූ දිව්රුමක
කැලැල් සුවපත් නොවන
හෙලා ලූ හුස්මක ද
ප්‍රේමයක කැබැලි ඇත
හැඩය සොයනුව කුමට
විදා ලූ පියාපත්
කවර දෙසකට යයි ද
නසා ලූ හදවතක
උණුසුමක් සොයනු කිම
ගසා ලූ පහර වැද
සදා සිසිලක මිදෙන
නසා ලූ දිව්රුමක
කැලැල් සුවපත් නොවන
හෙලා ලූ හුස්මක ද
ප්‍රේමයක කැබැලි ඇත
ඇය මගේ සකුන්තලා ය
කවුරුන් ම හෝ දුටුවා ද
දුර්වාසස් ව
මගේ නිවසට යන එන මග
නිසැකව ම
ඇවිත් යන්නට ඇත
මා ඇය ගැන ම
සිහින දකිනා අතර
ඉතිං කාටවත් නෑසුනි ද
ඔහු සාප කර නික්මුනි ද
සිතූයේ මා කවුරුන් ද
ඇය ට මා අමතක වේවායි කීවේ ද
ඉතිං මිතුරෙක් ළඟ වී ද
සාපයෙන් මුදන්නැයි ඉල්ලී ද
සාපයෙහි වෙනසක් නොම වී ද
පේරැස් මුදු නැතත්
ඇය ම මට දුන් සියලු දේ දැක දැකත්
කිසිවක් ම මතක නැත්තේ කෙලෙස ද
ඇය මගේ සකුන්තලා ය
රජකු නොවූවත්
ඇගේ ලොව දුෂ්ෂන්තා මම ය
මිතුරනි, අසල්වැසියනි
දුර්වාසස් ව දුටුවා ද
මෙය සාපයකි පැහැදිලි
කුමට ඉසිවර කම්
ප්‍රේමයත් නො හඳුනයි නම්
දුර්වාසස් ව
මගේ නිවසට යන එන මග
නිසැකව ම
ඇවිත් යන්නට ඇත
මා ඇය ගැන ම
සිහින දකිනා අතර
ඉතිං කාටවත් නෑසුනි ද
ඔහු සාප කර නික්මුනි ද
සිතූයේ මා කවුරුන් ද
ඇය ට මා අමතක වේවායි කීවේ ද
ඉතිං මිතුරෙක් ළඟ වී ද
සාපයෙන් මුදන්නැයි ඉල්ලී ද
සාපයෙහි වෙනසක් නොම වී ද
පේරැස් මුදු නැතත්
ඇය ම මට දුන් සියලු දේ දැක දැකත්
කිසිවක් ම මතක නැත්තේ කෙලෙස ද
ඇය මගේ සකුන්තලා ය
රජකු නොවූවත්
ඇගේ ලොව දුෂ්ෂන්තා මම ය
මිතුරනි, අසල්වැසියනි
දුර්වාසස් ව දුටුවා ද
මෙය සාපයකි පැහැදිලි
කුමට ඉසිවර කම්
ප්‍රේමයත් නො හඳුනයි නම්
Subscribe to:
Posts (Atom)