Thursday, September 22, 2016

ඇතින්නී

රැලේ තුන් පත් ඇතින්නී
ඔබා දණ බිම හඬන්නී
කොහේ ගියෙදැයි අසන්නී
ඇගේ හුරතල් පුතන්ඩී

තාත්තට ළගදී දොහේ
වෙඩිල්ලක් වැදුනා ඉහේ
දලත් අරගෙන ආකහේ
නො උසුලන වරදකි කළේ

කප් කෙලක් සංසාරයේ
මහිමි වූ නෙක වාරයේ
නො හැර වැලපුනු ඒ රැයේ
පුතා හොරු අරගෙන ගියේ

කියා කියමින් හඩන්නී
වැදී ගම් බිම් නසන්නී
මගේ පුතු කෝ අසන්නී
අනේ ආදර හිගන්නී

No comments:

Post a Comment