Wednesday, September 21, 2016

මටත් උන්මාදයි චිත්‍රා



ඔබ උන්මාද චිත්‍රා
මා උන්මාද කළ චිත්‍රා
මේ විසල් පුරයේ

කිරිල්ලකි ඔබ කූඩු කළ
ගාමිණී මා
කූඩු කිරිල්ලන් මුදවන
දැක්කා ද ඔබ
ඇවිද යන මා
හංදියක් හංදියක් ගානේ
ඔව්...
උන්මාද චිත්‍රලා
වීදියක් වීදියක් ගානේ

No comments:

Post a Comment