Wednesday, September 21, 2016

ප්‍රේම කතා

ඉදින් එකියක
සදාතනික වසන්තයක
සිහින ඉඟිකර
නින්ද ද පැහැර ගත්තී
හිරු නැගෙන්නත් පෙරාතුව
නික්ම ගියාය

ඉදින් තව එකියක
එ කිසිත් නො කියාම
නින්ද දී
සිහින පැහැර ගත්තීය
දකින...
හැම සිහිනෙකට එබෙන්නීය

No comments:

Post a Comment