Thursday, September 22, 2016

යළිත් කිසිවක් නො සොයන්න

නසා ලූ ප්‍රේමයක
හැඩය සොයනුව කුමට
විදා ලූ පියාපත්
කවර දෙසකට යයි ද

නසා ලූ හදවතක
උණුසුමක් සොයනු කිම
ගසා ලූ පහර වැද
සදා සිසිලක මිදෙන

නසා ලූ දිව්රුමක
කැලැල් සුවපත් නොවන
හෙලා ලූ හුස්මක ද
ප්‍රේමයක කැබැලි ඇත

No comments:

Post a Comment