Wednesday, September 21, 2016

හෙවනැලි

තවම ඉස්සර හීන ඇවිදින්
හීනෙනුත් අත වනන කොට
මටත් නො දැනිම හීන් ඉකියක්
මහ රෑත් පිට වෙන කොට
පුංචි පුතු මා අස ම නිදනා
බව පවා අමතක කොට
මහා හයියෙන් මවා කැස්සක්
කඳුලු සඟවමි බිරිඳට

No comments:

Post a Comment