Thursday, September 22, 2016

පශ්චාත්තාපයෙන් ලියමි

ඒකි ගියේ කසාද සහතිකේ ගේන්ඩ
පැයක් දෙපැයක් ගතවුනා එන්ඩ
ආවෙ ලොකු සතුටකින් හිත පිරෙන්ඩ
හිතුනෙම... කසාදෙ මතක් වෙලා වෙන්ඩ

දවසින් දවස ගත වෙන්ඩ ගත වෙන්ඩ
පටන් ගත්තා එක දෙක වෙනස්කම් වෙන්ඩ
නිතර හැඩ වෙන්ඩ, තනියම හිනා වෙන්ඩ
බාත්රූම් එකේ පැලවෙන්ඩ, මාව මග අරින්ඩ

සති අන්තෙ ටවුමට යන්ඩ, ගෙදර එනකොට රෑ වෙන්ඩ
ඔයා අද තනියම කන්ඩ, කියද්දිත් හිතුනෙ නෑ යන දේ වෙන්ඩ

ඒකි ගිය වෙලේ සහතිකේ ගේන්ඩ
ලොක්කෙකුත් ආවලු එතෙන්ඩ
දෙන්නම ගියාලු තේ බොන්ඩ
දැන් ගිහින්... ආයෙම නො එන්ඩ

ඒකි ගියේ කසාද සහතිකේ ගේන්ඩ
ඇයි මට බැරි උනේ ඒ ගමන යන්ඩ

No comments:

Post a Comment