ඒකි ගියේ කසාද සහතිකේ ගේන්ඩ
පැයක් දෙපැයක් ගතවුනා එන්ඩ
ආවෙ ලොකු සතුටකින් හිත පිරෙන්ඩ
හිතුනෙම... කසාදෙ මතක් වෙලා වෙන්ඩ
දවසින් දවස ගත වෙන්ඩ ගත වෙන්ඩ
පටන් ගත්තා එක දෙක වෙනස්කම් වෙන්ඩ
නිතර හැඩ වෙන්ඩ, තනියම හිනා වෙන්ඩ
බාත්රූම් එකේ පැලවෙන්ඩ, මාව මග අරින්ඩ
සති අන්තෙ ටවුමට යන්ඩ, ගෙදර එනකොට රෑ වෙන්ඩ
ඔයා අද තනියම කන්ඩ, කියද්දිත් හිතුනෙ නෑ යන දේ වෙන්ඩ
ඒකි ගිය වෙලේ සහතිකේ ගේන්ඩ
ලොක්කෙකුත් ආවලු එතෙන්ඩ
දෙන්නම ගියාලු තේ බොන්ඩ
දැන් ගිහින්... ආයෙම නො එන්ඩ
ඒකි ගියේ කසාද සහතිකේ ගේන්ඩ
ඇයි මට බැරි උනේ ඒ ගමන යන්ඩ
Thursday, September 22, 2016
ඇතින්නී
රැලේ තුන් පත් ඇතින්නී
ඔබා දණ බිම හඬන්නී
කොහේ ගියෙදැයි අසන්නී
ඇගේ හුරතල් පුතන්ඩී
තාත්තට ළගදී දොහේ
වෙඩිල්ලක් වැදුනා ඉහේ
දලත් අරගෙන ආකහේ
නො උසුලන වරදකි කළේ
කප් කෙලක් සංසාරයේ
මහිමි වූ නෙක වාරයේ
නො හැර වැලපුනු ඒ රැයේ
පුතා හොරු අරගෙන ගියේ
කියා කියමින් හඩන්නී
වැදී ගම් බිම් නසන්නී
මගේ පුතු කෝ අසන්නී
අනේ ආදර හිගන්නී
ඔබා දණ බිම හඬන්නී
කොහේ ගියෙදැයි අසන්නී
ඇගේ හුරතල් පුතන්ඩී
තාත්තට ළගදී දොහේ
වෙඩිල්ලක් වැදුනා ඉහේ
දලත් අරගෙන ආකහේ
නො උසුලන වරදකි කළේ
කප් කෙලක් සංසාරයේ
මහිමි වූ නෙක වාරයේ
නො හැර වැලපුනු ඒ රැයේ
පුතා හොරු අරගෙන ගියේ
කියා කියමින් හඩන්නී
වැදී ගම් බිම් නසන්නී
මගේ පුතු කෝ අසන්නී
අනේ ආදර හිගන්නී
Wednesday, September 21, 2016
ප්‍රේම කතා
ඉදින් එකියක
සදාතනික වසන්තයක
සිහින ඉඟිකර
නින්ද ද පැහැර ගත්තී
හිරු නැගෙන්නත් පෙරාතුව
නික්ම ගියාය
ඉදින් තව එකියක
එ කිසිත් නො කියාම
නින්ද දී
සිහින පැහැර ගත්තීය
දකින...
හැම සිහිනෙකට එබෙන්නීය
සදාතනික වසන්තයක
සිහින ඉඟිකර
නින්ද ද පැහැර ගත්තී
හිරු නැගෙන්නත් පෙරාතුව
නික්ම ගියාය
ඉදින් තව එකියක
එ කිසිත් නො කියාම
නින්ද දී
සිහින පැහැර ගත්තීය
දකින...
හැම සිහිනෙකට එබෙන්නීය
හෙවනැලි
තවම ඉස්සර හීන ඇවිදින්
හීනෙනුත් අත වනන කොට
මටත් නො දැනිම හීන් ඉකියක්
මහ රෑත් පිට වෙන කොට
පුංචි පුතු මා අස ම නිදනා
බව පවා අමතක කොට
මහා හයියෙන් මවා කැස්සක්
කඳුලු සඟවමි බිරිඳට
හීනෙනුත් අත වනන කොට
මටත් නො දැනිම හීන් ඉකියක්
මහ රෑත් පිට වෙන කොට
පුංචි පුතු මා අස ම නිදනා
බව පවා අමතක කොට
මහා හයියෙන් මවා කැස්සක්
කඳුලු සඟවමි බිරිඳට
මටත් උන්මාදයි චිත්‍රා
ඔබ උන්මාද චිත්‍රා
මා උන්මාද කළ චිත්‍රා
මේ විසල් පුරයේ
කිරිල්ලකි ඔබ කූඩු කළ
ගාමිණී මා
කූඩු කිරිල්ලන් මුදවන
දැක්කා ද ඔබ
ඇවිද යන මා
හංදියක් හංදියක් ගානේ
ඔව්...
උන්මාද චිත්‍රලා
වීදියක් වීදියක් ගානේ
වෙද හාමිනේ
පපුතුරට තෙල් ගල්වා
සෙමින් පිරි මැඳ
බිඳෙන් බිඳ වේදනා
නසා පිට කර
හෙමි හෙමින් ආතුර
කතා පිරිසිඳ දැන
නෙතු අගින් හලා
දියවුනු හද
ආතුර වෙලා
ආතුර ලඟ
සෙමින් පිරි මැඳ
බිඳෙන් බිඳ වේදනා
නසා පිට කර
හෙමි හෙමින් ආතුර
කතා පිරිසිඳ දැන
නෙතු අගින් හලා
දියවුනු හද
ආතුර වෙලා
ආතුර ලඟ
අඳුර
තනිකමේ අඳුරක වෙලී
මා ඉන්න බව දන්නැතුවැතී
මගෙ ආදරී නුඹ කොහේ හෝ
සතුටින් ඇතී
එදා වගෙම සතුටින් ඇතී
ජීවිතේ හැටි බලාපන්
හරි කර්කෂයි සොඳුරී
තිත්තත් රසයි මොහොතක
රසත් තිත්තයි මොහොතක
ආදරෙත් එහෙමයි
හරියටම ආදරෙත් එහෙමයි
මා ඉන්න බව දන්නැතුවැතී
මගෙ ආදරී නුඹ කොහේ හෝ
සතුටින් ඇතී
එදා වගෙම සතුටින් ඇතී
ජීවිතේ හැටි බලාපන්
හරි කර්කෂයි සොඳුරී
තිත්තත් රසයි මොහොතක
රසත් තිත්තයි මොහොතක
ආදරෙත් එහෙමයි
හරියටම ආදරෙත් එහෙමයි
Subscribe to:
Posts (Atom)