Wednesday, September 21, 2016

වෙද හාමිනේ

පපුතුරට තෙල් ගල්වා
සෙමින් පිරි මැඳ
බිඳෙන් බිඳ වේදනා
නසා පිට කර
හෙමි හෙමින් ආතුර
කතා පිරිසිඳ දැන
නෙතු අගින් හලා
දියවුනු හද

ආතුර වෙලා
ආතුර ලඟ

අඳුර

තනිකමේ අඳුරක වෙලී
මා ඉන්න බව දන්නැතුවැතී
මගෙ ආදරී නුඹ කොහේ හෝ
සතුටින් ඇතී
එදා වගෙම සතුටින් ඇතී

ජීවිතේ හැටි බලාපන්
හරි කර්කෂයි සොඳුරී
තිත්තත් රසයි මොහොතක
රසත් තිත්තයි මොහොතක
ආදරෙත් එහෙමයි
හරියටම ආදරෙත් එහෙමයි

Friday, April 20, 2012

විවාහකයාගේ ප්‍රේමය...

නෙතු පියන් අතර රැදවුණු
කිසිදා නෙතගින් නොමිදුණු
ඔබ නමට තවම
කවි මල් සුපිපෙයි
නොලීවාට පෙර මෙන්
සුදු සුමුදු සුවඳ කොළ මත
අහිතක් හිතන්න එපා
ආදරය තවම තරුණයි...
බලාන
පුංචි පුතා ඇහැරෙයි...

Wednesday, April 18, 2012

කඳුළු මලක්

නො පිබිදුණු මලකි මම
විකිණුනු,
කාසි මල් වසන්තයක
පිපෙන්නට...
පාට විතරක් පැතූ බමරුන්
තලා පෙලමින්
සුවඳ ඉල්ලන...
පෙම් පිරූ උයන අහිමිව
සුවඳ දී කාටවත් කුමට...

Friday, July 16, 2010

ප්‍රේමය තරුණයි

සංසාරය තව දුරයි
නමුත් දිවිය සුන්දරයි
මේ වාගෙම හැමදාමත්
අපි අපි ළඟ ඉන්නවනම්
නිවනත් එයමැයි සිතෙයි...

Wednesday, July 14, 2010

අහසින් පොළොවට



ඉහලට ඉහලට
ඉහලට යන පටි
මෝස්තරයට
පහලින් පහලින්
කකුල වටා
එතෙනා වැරහැලි සවියට...

මේ සෙරෙප්පුව
හරියටම හරි
කෙලීගෙ කකුලට.
තව එකක්
ඕනැලු
පොඩි එකාටත්...
කෝ...
අඩු ගානෙ,
තව
එක
හිස්
බෝතලයක්...

Tuesday, June 8, 2010

බඩජාරි කමට නෙමෙයි.....




ඔන්න ඔය ටිකත්
දීලම යන්න
මහත්තයා.
මොන තරම් දේවල්
දුන්නත් ජීවිතය
නෑ කිසිම දෙයක්
දුන්නේ බඩට...
අම්මයි තාත්තයි
වැටිලා ඉන්න පැලට
අපි ගෙනියන දෙයක් තමයි...
දෙයියනේ... කෑමට.
අනේ මහත්තයා
සත්තමයි,
බඩජාරි කමට නෙමෙයි.....