Friday, April 20, 2012

විවාහකයාගේ ප්‍රේමය...

නෙතු පියන් අතර රැදවුණු
කිසිදා නෙතගින් නොමිදුණු
ඔබ නමට තවම
කවි මල් සුපිපෙයි
ඒ නොලීවාට පෙර මෙන්
සුදු සුමුදු සුවඳ කොළ මත
අහිතක් හිතන්න එපා
ආදරය තවම තරුණයි...
බලාන
පුංචි පුතා ඇහැරෙයි...

3 comments:

  1. "බලාන පුංචි පුතා ඇහැරෙයි"

    අත්දැකීමක්ද මන්දා......

    ReplyDelete
  2. හදවතේ ප්‍රේමය......
    මූවගින් නොපවසා......
    දෙපා සරිකර ලොව දිනන්නට
    විරිය දුන් මවකගේ
    කථාව

    ReplyDelete