Wednesday, July 14, 2010

අහසින් පොළොවට



ඉහලට ඉහලට
ඉහලට යන පටි
මෝස්තරයට
පහලින් පහලින්
කකුල වටා
එතෙනා වැරහැලි සවියට...

මේ සෙරෙප්පුව
හරියටම හරි
කෙලීගෙ කකුලට.
තව එකක්
ඕනැලු
පොඩි එකාටත්...
කෝ...
අඩු ගානෙ,
තව
එක
හිස්
බෝතලයක්...

17 comments:

  1. අනුන් දුකට ඉවත බලන්....
    හිස හරවන් යන මිනිසුන්...
    තව කොපමණ කල මේ දිග...
    නළුව රඟන්නද?.....

    ReplyDelete
  2. නියම නිර්මාණයක්....හිතන්න දෙයක් ඉතිරි කරල තියෙනව

    ReplyDelete
  3. @ හේමලයා,
    අනුන් බලන තෙක් ඉදලා
    අතට අරන් මූණ ඉඹින
    අයත් මෙහෙම කොච්චර කල්
    මේ නළුවට පණ දේවිද...?
    බොහොම ස්තුතියි ආවටත් ප්‍රතිචාරයටත්.

    @ හසිත,බොහොම ස්තුතියි මල්ලි.

    ReplyDelete
  4. ඇති නැති පරතරය... හුඟක් දැනෙන නිර්මානයක්

    ReplyDelete
  5. @ පිස්සා පලාමල්ල,
    බොහොම ස්තුතියි සහෝදරයා.

    ReplyDelete
  6. මල් පාවඩ අතුල මඟක
    යන්නට නොහැකිවායින්..
    නොගැලපේය
    උස් අඩි පාවහන් නුඹට
    බෝතල් අඩි දෙක සෑහෙයි
    නුඹට වගේම නුඹෙ නංගිට
    කවදා හෝ දිනකදි දුර
    දුක සිතුනත් පුංචි සිතට
    කුමක් කරන්නද ඊට
    පිළියම් නැහැ අතේ දුරක
    වළාකුළු, ඔයාටත් හිතෙන දේවල් ;-(

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. @ නිමන්ති,
    වළාකුළුට සෑහෙන දේවල් පේනවනෙ නිමන්ති. මේ වෙලාවෙ ඔයා කැඩිච්ච තාප්පයක් පැත්තෙ ඉදන් මගෙ බ්ලොග් එකේ ප්‍රතිචාර ලියන හැටිත් මට පේනව. බොහෝම ස්තුතියි ප්‍රතිචාරයට.
    July 19, 2010 12:00 AM

    ReplyDelete
  9. "කැඩිච්ච තාප්පයක්" ඒ මොකෝ...
    හා...හ්ම්ම්ම්....ඒ උනාට මම දන්නවා හොඳටම වළාකුළුට වඩා නම් අනිවාර්යයෙන්ම වැඩි පරාසයක් මට පේනවා කියලා..
    මොකද කියන්නේ පිලිගන්නවද..? නැද්ද..?? කියන්නකෝ බලන්න..

    ReplyDelete
  10. @ නිමන්ති,
    එහෙම දේකට සම්බන්ධ නගරයක තමයි ඔයා ඉන්නෙ.
    හ්ම්..ඔයා එහෙම හිතුවත් මටත් සෑහෙන්න දේවල් පේනව. සමහරු කියන නොකියන ගොඩක් දෙවල් මට පේනව. මොකද මන්දාකිණියට වඩා මිනිස්සුන්ට ගොඩක් ළඟ වළාකුළුනෙ නේද?

    ReplyDelete
  11. අනේ අම්මේයි ඒ මොකෝ ඒ කියන්නේ..
    'සමහරු කියන නොකියන ගොඩක් දෙවල් මට පේනව'. මොනාද කියන්නකෝ ඔය දැන් පෙනුන දේවල්..?? මටත්.
    අනේ අනික ඉතිං ..මොනාද අප්පේ අහලා මම නොකියා හිටපු දේ??

    ReplyDelete
  12. @ නිමන්ති,
    මම කිව්වෙ මම වළාකුලක් නිසා කීවත් නොකීවත් පේනව කියලයි. ඒකෙන් වෙන අදහසුත් මතු වෙනව නේද?

    ReplyDelete
  13. හ්ම්ම්ම් එකනේ මම මේ ඇහුවේ..මේල් එකක් වත් එවන්නකෝ බලන්න ..
    මට උත්තරයක් හොයාගන්න පුලුවන් වෙයිද බලන්න??

    ReplyDelete
  14. අහම්බෙන් ආවෙ.ඔයා ලියන ලයින් එකට කැමතියි. සුබපැතුම්.

    ReplyDelete
  15. @ charmi,
    බොහොම ස්තුතියි, අහම්බෙන් හරි මේ පැත්තට ආවට වගේම ප්‍රතිචාරයටත්...

    ReplyDelete
  16. අපුරු තැනක් කතා කරන්න, එකම පොලවක ඉපදිලා එකම හිරු සදු යටතෙ හැදිලා වැඩිලා, කෙනක් වෙදනාවෙන්, තවත් කෙනෙක් සතුටෙන්, නමුත් මහා සංවිධාන පෙරහැරින්. පුදුමයි එත් ඇත්තයි

    ReplyDelete
  17. මට මතක්වුනේ නනදා මාලිනී කියන මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි කියන සින්දුව .කවියේ අන්තිම පද පේලියේ හොඳ උත්ප්‍රාස රසයක් තියෙනවා


    //පොඩි එකාටත්...
    කෝ...
    අඩු ගානෙ,
    තව
    එක
    හිස්
    බෝතලයක්... //

    මේ සුපිරි ජීවිත වගේ හැමදේකම තියෙන නිස්සාරකම හිස්බෝතලෙන් නියමෙට අඟවනවා

    ReplyDelete