
රඟ මඩලෙහි ඉඩ තිබේ
රඟන්න රැගුමක් ඇතිනම්
ඔබටත් අවසර තිබේ
ආඥාව පතුරුවන්න
සොදුරු අයෙක් පැමිණ සිටී
ඔබ වෙනුවෙන් මුමුණන අය
වේදිකාව දෙපස සිටී
පෙළක් තිබේ නම් ඔබ ලඟ
වේදිකාව බලා හිදී
ටිකට් විකිණිලා ඉවරයි
රසිකයො පොර කකා හිදී
පෙළක් තියේනම් ඔබ ළඟ
එන්න එන්න ඉක්මනටම
ටිකට් විකිණිලා ඉවරයි...
ටිකට් විකිණිලා ඉවරයි...
මොනවා හෝ කරළිය මත
පෙන්වන්නට සිදුව තිබේ...
කවියෙන් කියන්න හදපු දේ ටිකක් තේරුනා වගේ . . .
ReplyDeleteහැබෑවටම රඟපාන්න (යමක් කරන්න / තමගේ භූමිකාව ඉදිරිපත් කරන්න ) නෙමෙයි ටිකට් විකිනිලා ඉවර හින්දා කරන්නන් වාලේ කරන්න නේද දැන් සිදු වෙන්නේ. . .
අපි (ප්‍රේක්ෂකයෝ / ඡන්ද්දායකයෝ) කවදා රඟදක්වන්නේ මොනවාදැයි නොදැන ටිකට් ගැනීමෙන් වැලකෙයිද මන්දා . . .
බොහොම ස්තුතියි දුකා ප්‍රතිචාරයට. මට හිතුනා කාටවත්ම තේරෙන එකක් නැති වෙයිද කියලත්. සංකීර්ණ කරන්න මට ඕන උනේ නෑ. ඒ එක පාරටම ලියවුන හැටි. ඇරත් මම කවියෙකුත් නෙවෙයි. පොඩි උත්සාහයක් විතරයි. මට කියන්න ඕන උන දේ ඔබට වැටහිලා. පළමු කවි වළාවට ප්‍රතිචාර දැක්වූවට ආයෙමත් ස්තුතියි.
ReplyDeleteනාට්‍යයට වෙලා තියෙන දේ ද , අද නාට්‍ය කලාවට ම වෙලා දේ ද ? දෙකම එක වගේ කියලා හිතෙනවා වෙලාවකට.
ReplyDeleteලස්සන අදහසක්.
-ජය
පෙලක් ඇත
ReplyDeleteහිතක් නැත
හිත ඇතද
ඉඩක් නැත
ඉඩක් ලදහොත් විගස
කරලියම එකළු කර
ශිල්ප දැක්විය හැකිය...!
@යෝගී...
අහා..!! නාට්‍ය කලාව ගැන මොකද?? අහන්නේ..
තව ගෙයක් වත් හදන්න තියනවද??
හරිම උනන්දුයි වගේ මල්ලී මේ ගැන D
@ යෝගි,
ReplyDeleteනාට්‍යයට, නාට්‍ය කලාවට විතරක් නෙවෙයි ජීවිත වලටත් වෙලා තියෙන්නෙ මේ ටික කියල හිතෙනව. බොහොම ස්තුතියි ආවටත් ප්‍රතිචාරයටත්...!!!
@ නිමන්ති,
කරළියම එකළු කර
ශිල්ප දක්වන දිනක
රඟහලෙහි කෙළවරක
හිදින්නට අවසරද?
ජීවිතය මුසු කළ
හිනාවට, කඳුලකට
වෙරයොදා
අත්තල නගන්නට
අවසරද?
ස්තුතියි, ආවටත් ප්‍රතිචාරයටත්.
විදුලි එලි දහක් මැද
ReplyDeleteතනිව වැලපෙනා සිත
හඳුනාද?
රඟහලෙහි කොතැන වුව
රැදී ඉන්නා ඔබට
පෙනේවිද?? මගේ වෙහෙස
එහෙමනම්
අත්තලක් නොව අවැසි..
අත් වැටක් යැයි ඔබට
නොසිතේද??
අතරමංවෙලා යැයි
නොපෙනේද?
අපි සැවොම
රඟන මෙ මහ
රඟමඬල තුල..!
@ නිමන්ති
ReplyDelete''සුන්දර මෙරඟ සොබාවන් - සොද
සුන්දර මෙරඟ සොබාවන්
නෙක බලනට තොසිනා මෙහි අද පැමිණා
පිළිගමු සුදනෙනි බැතිනා - අපි
පිළිගමු සුදනෙනි බැතිනා...
අපි පොළොවෙන් ඉහළට අඩි තුන හතරක
ඉන්නා විට සැරසීලා
ඔතැනට නොපෙනෙන සොද මනහර දසුනකි
නිබදව මෙතැනට පෙනෙනා......''
ජයලත් මනෝරත්නගෙ ඒ නාට්‍ය ගීතය මතක් උනා. දහසක් ඇස් තමන් දෙසම බලන් ඉන්න ඒ අපූරු දර්ශනය රංගන ශිල්පියෙකුට විදගන්න ලැබෙන සුන්දර අවස්ථාවක්.
අපි අපේ ජීවිතය අමතක කරල මොහොතකට රඟහලට ගොඩවෙනව. ඒ සතුට හොයාගෙන. ප්රේක්ෂකයො වගේම නළු නිළියන්ටත් ඒක පොදුයි. එහෙම නේද? මම අහල තියෙනව එක වතාවක් ටෙනිසන් කුරේ රඟපාන එක් නාට්‍යයක් ආරම්භයට පෙර ඔහුගෙ සහෝදරයා මියගිය බව ඔහුට දැනගන්නට ලැබෙනව. නාට්‍ය දර්ශනය නවත්වා ආපහු යන්න ඔහුට පුළුවන්කම තිබියදීත් ඔහු එසේ නොකර ප්රේක්ෂකයො වෙනුවෙන් නාට්‍ය ඉදිරිපත් කරල. නාට්‍ය අවසන් වනතුරුම ප්රේක්ෂකයො හිනාවෙ ගිල්වල, නාට්‍ය ඉවර වෙලා ඉකිගගහ ඇඩුවලු.
ඔබ දැඩි වෙහෙසකින් ඉන්න බව අවස්ථා කිහිපයකදිම කියවුනා. කවිය ඒකට හොදම ඔසුවක් වේවි....
''ඇදුරුතුමා වෙන්න මගේ
නොදුන් නමුත් ශිල්ප ශාස්ත්‍ර
ජීවිතයේ ගිරිදුර්ගය
නගින්න අත්වැලක් වෙන්න...''
ඒ ගීතයක් මතක් වෙනවා.
ස්තුතියි.
මට ඔයාගේ මේ කවිය නම් තේරුනා වළාකුළු..
ReplyDeleteමේ කමෙන්ට් වලිනුත් ටිකක් ඔළුවට ගත්තා..
මම දිගටම, මීට පස්සේ එනවෝ.. සරලව පොඩි විචාරයකුත් එක්ක ලියනවා නම් මම කැමතියි...
උඹට ජය!!
@ පිස්සා
ReplyDeleteබොහොම ස්තුතියි ආවටත්, ප්‍රතිචාරයටත්. මමත් දැන් හැමදාම ඔය පැත්තෙ එනවා.
ඔබටත් ජය!
කවිය නම් හොඳ ඔසුවක් තමා වෙහෙසට ඒත් ඉතින් කවියක් වත් ලියන්න බැරි බව දැනගත්තෙත් එදානේ වෙහෙසට පත් උනාම..
ReplyDeleteස්තූතියි..!! ඔබටත් බොහෝම
වළාකුළු ..,
ReplyDeleteඇයි ගොඩක් දවසකින් මොනාත්ම ලිව්වේ නැත්තේ
ස්තුතියි. ඔව්, ගොඩක් දවසකින් මුකුත්ම ලියන්න බැරි උනා. ආයෙමත් ලියන්න ඕනේ. පහුගිය දවස්වල පංතියෙ ළමයි එක්ක පොඩි නාට්‍යයක් කළා. ස්තුතියි ආවටත්, ඇහැව්වටත්.
ReplyDeleteහ්ම්ම්ම් දැන් නාට්‍යය පෙන්නලා ඉවරද??
ReplyDeleteඔව් ලියන එක නවත්තන්න හදන්න එපා..පුංචි වෙලාවක් හරි වෙන් කරගෙන ඒකත් කරන්න..!
ඔව්. ඒක ලෝක පරිසර දිනය වෙනුවෙන් කළ එකක්. බොහොම ස්තුතියි උපදේශයට. ඇත්තටම "බඩජාරිකමට නෙවෙයි" ලීවෙ ඔබේ ප්‍රතිචාරය දැකල. ආයෙමත් ස්තුතියි.
ReplyDeleteසතුටුයි මට ඒ ගැන..ඒ පින්තූරය හරිම සංවේදී........
ReplyDeleteඅපිත් කරන්නෙ රඟන එක තමයි. ලස්සනයි, අවසරයි අර කවියෙන් මෙ පැත්ත සිත් ගත්තා. දැක්කොත් මෙ පැත්තට එනවා
ReplyDelete